Sunday, July 22, 2018

අහිමි වූ නිහඩ ප්‍රේමය

ලයෙහි මුල්ලක පැටලු සිහිනේ
තැවුල් සහිතව වැඩුනි රහසේ
මුවග මල් මෙන් තෙපලුවත් බස්
සඟව සිටියෙමි ආලේ මාගේ

හුයෙන් සුළඟිලි පටලවාල
යනිමි කාරකා සමග ඔහු හා
තෙපලු දින ඈ කැටුව මාහා
පිපුනි ගිරිගඬු නොතෙමි නෙත් මා

දුරස් වන බව හැඟී සිත්කඩ
තැවුල් විය මා ලයෙහි සිහිනය
මමද ආලේ ලබමි පවසා
සඟවගති ලය ගින්නේ ශෝකය

ගනිනු බැරි සේ දිගුය සසර
පෙරුම් මෝරා මතමි ඔබව
නැවත හමුවී හුයෙන් පැටලී
දුරස් වෙමු අපි රැගෙන නිවන


....ඉඳුරංග වීරසූරිය....

No comments:

Post a Comment

අම්මා

රෝස මල් පියල්ලක සිනිදු සම මුහුනක් ය සෙමින් අද රළු වෙන්නෙ කාටත්ම නොදැනීය සිතන විට එන සුසුම කෙලස මා පහදනුය පුළුන්වන් මගේ මව කෙමින් දැන් විය...